The Difference Between DVD and Blu-ray

DVD සහ Blu-ray අතර ඇති වෙනස

මේ වන විට DVD කියන තාක්ෂණයට වඩා උසස් තාක්ෂණයක් කරලියට පිවිස තිබෙනවා කියා ඔබ දන්නවානේ. එම තාක්ෂනය කුමක්ද කියා ඔබෙන් විමසුවොත් ඔබ පවසාවී එය "Blu-ray" තාක්ෂනය බව . නමුත් ඔබ ඒ පිළිබඳව වැඩි විස්තර දන්නේ නැහැ නේද? අන්න එම හේතුව  නිසා අපි තීරණය කරා මොකක්ද මේ "Blu-ray" කියන්නේ කියා ඔබට විස්තරාත්මකව පහදා දීමට. 


"Blu-ray" තැටියක්  ගත්තම භාහිර හැඩයෙන් සහ ප්‍රමාණයෙන්  බැලු බැල්මට DVD එකකට සමානයි. නමුත් එහි සෑහෙන වෙනසක් තිබෙනවා ඒවා නම්, ගබඩා කල හැකි ප්‍රමාණය , ලේසර් තාක්ෂනය, Disc Construction, Image Resolution සහ Player Capability අතර ඇති වෙනසයි. 


Storage Capacity


තැටියක ගබඩා කල හැකි ප්‍රමාණය මනිනු ලබන්නේ ගිගා බයිට් (GB) වලින් හරියට පරිගණක වල සහ ipod වල වාගේ. ගිගා බයිට් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. 

DVD :- තනි ලේයර් එකක් පමණක් තිබෙන DVD එකක ගිගා බයිට් 4.7ක ප්‍රමාණයක දත්ත ගබඩා කරන්න පුළුවන්. ලේයර් දෙකේ DVD එකක ඉහත ප්‍රමාණය වාගේ දෙගුණයකින් දත්ත ගබඩා කරන්න පුළුවන්. එම ප්‍රමාණය ගිගා බයිට් වලින් කිවොත් 8.7ක් වගේ ප්‍රමාණයක්. 


Blu-ray :- තනි ලේයර් එකක් තිබෙන Blu-ray තැටියක 25GB වගේ දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. ලේයර් දෙකක් තිබෙන Blu-ray තැටියක 50GB දක්වා දත්ත ගබඩා කිරීමට හැකියාව තිබෙනවා. 

Laser Technology


මෙම ලේසර් කියන තාන්ක්ෂණය මගින් තමයි අපි කතා කරන තැටි වර්ග දෙකේම ගබඩා කර තිබෙන දත්තයන් කියවනු ලබන්නේ.  තැටිය කරකැවෙන විට ප්ලේයර් එකේ  තිබෙන ලේසර් එක මගින් තැටිය කියවනු ලබනවා ඉන්පසුව පින්තූර සහ ශබ්දය රූපවාහිණි යන්ත්‍රය වෙත යවනු ලබනවා.


DVD- DVD තැටි කියවීම සඳහා ප්ලේයර් එකක් භාවිතා කරන්නේ 650nm තරංග ආයාමයකින් සමන්විත රතු ලෙසරයක්. DVD තැටිය වේගයෙන් කැරකෙන විට ලේසරය මගින් තැටියේ එන්කෝඩ් කර තිබෙන තොරතුරු කියවා රූපවාහිනිය වෙත ඒවා පින්තූර සහ ශබ්ධය වශයෙන් යවනු ලබනවා. 


Blu-ray - බ්ලු රේ කියන නමේ තේරුමටම ගැලපෙන ආකාරයට එම තැටි වල තිබන තොරතුරු කියවීමට භාවිත කරනු ලබන්නේ නිල් ලේසරයක්. එම නිල් ලේසරයේ තරංග ආයාමය රතු ලෙසරයේ තරංග ආයාමයට වඩා කුඩා වෙනවා. එම තරංග ආයාමය 450nm ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවගේම එහි විෂ්කම්භය රතු ලෙසරයෙන් හරි අඩක් පමණ වෙනවා

Disc Counstruction 


භාහිරව Blu-ray සහ DVD තැටි සර්ව සම වෙනවා. මොකද එම තැටි දෙකේම පහල ලේයරයේ දාරයන් (grooves) සහ කුඩා ආවාට (pits) පිහිටා තිබීම නිසා . එම තැටි දෙකේ ගබඩා කර තිබෙන තොරතුරු ලේසර් එකට කියවීමට හැකි වෙන ලෙස තමයි මෙලෙස  (grooves) සහ (pits) නිර්මාණය කොට තිබෙන්නේ.


DVD වල ගබඩා කර තිබෙන දත්ත රතු ලේසරයට කියවීමට හැකි වන ලෙස දාරයන් (grooves) සහ කුඩා ආවාට (pits) තරමක් පුළුල්ව නිර්මාණය  කර තිබෙනවා. 


Blu-ray  තැටි වල තිබෙන දාරයන් (grooves) ඉතාමත් සිහින්ව තමයි පවතින්නේ මොකද නිල් ලේසරයට ඉතාමත් තුනීව තිබෙන දාරයන් (grooves) පහසුවෙන් කියවන්න පුළුවන්. ඒවගේම මෙම තැටි සිරීමෙන් වැලක්වීම සඳහා ආරක්‍ෂිත ආවරණයක්ද එම තැටි සඳහා ඇතුලත්  කර තිබනවා. 

Player Compatibility


හැමෝම දන්නවනේ DVD ප්ලේයර් වල Blu-ray තැටි කියවන්න බැහැ කියල. මොකද DVD කියවන තාක්ෂණයෙන් බැහැ  Blu-ray තැටි කියවන්න. නමුත් සියලුම Blu-ray ප්ලේයර් වලින් පුළුවන් DVD තැටි කියවීමට. 

ප්‍රමාණවත් තරම් දැනුමක් ලැබෙන්න ඇති කියා හිතනවා. ඔබට පුළුවන් අපි ලිවිය යුත්තේ මොනවාගේ ලිපිද කියා අපිට පැවසීමට. එම ලිපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 


Previous
Next Post »

1 comments:

Write comments
Unknown
AUTHOR
September 21, 2015 at 8:57 AM delete

DVD ekakata danna puluwanne 4.35 gb witharai. eka mma hithanne niwaradu wiya yuthui, kohoma namuth athama awasthawala 4.36 capasity ekak unath nero buerner eken adala aran wright karanawam eth saamanya capasity eka 4.35.....

Reply
avatar