පරිගනකයෙන් Android දුරකථනය පාලනය කරමු.
වැඩි දෙනෙක් අපෙන් විමසුවා පරිගනකයෙන් android දුරකතනයක් පාලනය කරන්න පුලුවන්ද කියා. ඒ පිළිබඳව අන්තර්ජාලය පරික්ෂා කර බැලීමේදී එය වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් මට හමු වුනා . මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එම ක්‍රමය මගින් දුරකතය පාලනය කරන ආකාරයයි.
මෙම ක්‍රියාවලිය කරගන්න පුලුවන් apps කොතෙකුත් android market එකේ තිබෙනවා. එම apps අතරින් සාර්ථකම app එක වෙන්නේ (Airdroid). එය භාවිතා කොට පහසුවෙන්ම අපිට පුළුවන් පරිගනකයෙන් android දුරකතය පාලනය කිරීමට.
පියවර 1
(Airdroid) app එක ඔබේ දුරකථනයේ ස්ථාපිත කරගන්න. එය නොමිලේම ලබා දෙන app එකක් නිසා පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.
පියවර 2
එම app එක ඔබේ දුරකතනයේ ස්ථාපිත කරගත් පසුව එය run කරගන්න. එවිට ඔබට දැකගන්නට පුළුවන් ඉහත පින්තූරයේ දිස් වෙන පරිදි (URL IP Address) එකක් සහ Password එකක්.
පියවර 3
ඔබ සාර්ථකව එම app එක දුරකතයේ ස්ථාපිත කරගෙන තිබෙනවා, දැන් පරිගනකයෙන් ඔබේ දුරකතනයට සම්බන්ධ වෙන්න පුළුවන්. මීළඟට අපට අවශ්‍ය වෙන්නේ ඔබේ පරිගනකයේ තිබෙන වෙබ් බ්‍රව්සර් එකයි.
පියවර 4
දැන් පරිගනකයේ වෙබ් බ්‍රව්සර් එක විවුර්ත කරගන්න. ඉන් පසුව ඔබේ දුරකතනයේ app එකේ තිබෙන (URL IP Address) එක බ්‍රව්සර් එකේ address bar එකට ඇතුලත් කර එන්ටර් ඔබන්න.
පියවර 5
එන්ටර් එබීමත් සමගම ඉහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට දැකගන්නට ලැබෙනවා. දැන් ඔබට අවශ්‍ය වෙනවා ඔබේ දුරකතනයේ app එකේ තිබෙන password එක එය අදාල තැනට යොදා login යන්න click කරන්න.
පියවර 6
දැන් ඔබට පුළුවන් ඔබේ සම්පූර්ණ දුරකතනයම පරිගනකයෙන් පාලනය කිරීමට .
1 comments:
Write commentsWi-Fi epayi ne
ReplyEmoticonEmoticon